FAST NEWS

24×7 Around the Globe

උඳු සඳහා වූ බද්ද රුපියල් 40 කින් ඉහළට..

උඳු සඳහා පැන වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 40 කින් ඉහළ දැමීමට ජීවන වියදම් අනුකමිටුව තීරණය කර තිබේ.

එම කමිටුව සඳහන් කළේ, උඳු කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ බද්ද රුපියල් 60 සිට 100 දක්වා ඉහළ දැමූ බවයි.

පසුගිය අඟහරුවාදා සිට ක්‍රියාත්මක වන පරිදි බදු මුදල වැඩි කළ බව ජීවන වියදම් කමිටුව පැවසුවේය.

දේශීය උඳු නිෂ්පාදනය සඳහා ඉහළ මිලක් ලබාදීමට මෙම තීරණය ගෙන ඇත.