විවිධ දේශපාලන පක්ෂවල ජුදාස්ලා වැනි පුද්ගලයන් සිටින නිසා පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය තරගයක් නොමැතිව විශිෂ්ට ජයක් ලබන බව සංචාරක සහ ක්රිස්තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.
කිතු උපත සිහිපත් කරන නත්තල් සමයේ ක්රිස්තුස්වහන්සේ පාවා දුන් ජුදාස්ලා වැනි උදවිය අද විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන නිසා පළාත් පාලන මැතිවරණයේදී එජාපයට ජයග්රහණය ලැබීම පහසු යෑයි ද ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.









