FAST NEWS

24×7 Around the Globe

මහින්දගේ රූව එපා දුමීන්ද කියයි..

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය යොදා ගැනීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කිසිදු තීරණයක්‌ ගෙන නැතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඡායාරූපය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ අපේක්‍ෂකයන් යොදා ගත යුතු බවට බස්‌නාහිර ප්‍රධාන ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා කර ඇති ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික ප්‍රකාශයක්‌ පමණයි පක්‍ෂයේ අදහසක්‌ නොවේ යෑයිද හෙතෙම කියා ඇත.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. පක්‍ෂයේ මැතිවරණ සටන මෙහෙයවන්නේ නායකත්වය ලබා දෙන්නේ ජනාධිපති තුමයි, එම නිසා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලු අපේක්‍ෂකයන් මහින්දගේ නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප යොදාගත යුතු යෑයිද දුමින්ද දිසානායක මහතා කියා තිබේ.