FAST NEWS

24×7 Around the Globe

බ්‍රාවෝ ලොව විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ඉතිහාසයේ පළමු කඩුලු 400 සීමාව පනියි..

ලොව විස්‌සයි විස්‌ස ක්‍රිකට්‌ ඉතිහාසයේ පළමු කඩුලු 400 සීමාව සටහන් කළ පන්දු යවන්නා බවට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩ්වයින් බ්‍රාවෝ පත්විය.

අන්තර්ජාතික සහ පළමු පෙළ විස්‌සයි විස්‌ස තරගවලදී සමස්‌ත කඩුලු 400 සීමාව පසුකිරීමට බ්‍රාවෝ සමත් වූයේ බිග් බෑෂ් තරගාවලියේ මෙල්බන් කණ්‌ඩායම නියෝජනය කරමින් සිටින අතරතුරදීය.

මෙල්බන් කණ්‌ඩායම සහ හෝබාර්ට්‌ කණ්‌ඩායම අතර පැවැති මෙම තරගයේදී මෙල්බන් කණ්‌ඩායම කඩුලු 7කින් ජය ගත් අතර හෝබාට්‌ පිල අමාරුවේ දැමූ බ්‍රාවෝ ලකුණු 28 කට කඩුලු 5 ක්‌ බිඳ දැමුවේය. බ්‍රාවෝ පළමු පෙළ තරග 365 කදී කඩුලු 400 ලබා ගනිමින් මෙම ලෝක වාර්තාව පිහිටුවීමට සමත් විය.

බ්‍රාවෝ විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරග 66 කදී කඩුලූ 52ක්‌ දවා ගෙන තිබේ.

කෙසේ වෙතත් ලොව පුරා පළමු පෙළ විස්‌සයි විස්‌ස තරග නියෝජනය කරන බ්‍රාවෝගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 23.54 ක්‌ වේ.