FAST NEWS

24×7 Around the Globe

රටවල් 128 ක් ඇමෙරිකාවට එරෙහිව ඡන්දය භාවිත කරයි..

ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ප්‍රකාශයට ඉවත් කරගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කෙරුණු යෝජනාවට පක්ෂව ඡන්ද 128ක් ප්‍රකාශ කර ඇති බව විදසේ මාධ්‍ය වාර්තා පවසයි.

ශ්‍රී ලංකාව ද අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව රටවල් 09 ක් එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රටවල් 35ක් ඡන්දය දීමෙන් වැළකී තිබේ.

ආරක්ෂක කවුන්සිලයේ පැවැති ඡන්ද විමසීමෙන් අනතුරුව අරාබි සහ මුස්ලිම් රටවලින් කෙරුණු ඉල්ලීමක් අනුව එක්සත් ජාතීන්ගේ හදිසි හා විශේෂ මහ මණ්ඩල සැසියක් කැඳවා ඇති අතර එහිදි ඇමෙරිකා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නැයි ඉල්ලමින් යෝජනාවක් ඉදිරිපත් විය.

අදාළ යෝජනාව සම්මත කරගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පවත්වා තිබේ.

DE සිල්වා