FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ පුරවැසිභාවයට විදේශ පුරවැසි ලාංකිකයන්ගෙන් ඉල්ලුම වැඩිවෙලා..

2015 මාර්තු මාසයේ සිට මේ දක්වා පුද්ගලයන් 31,000 කට ද්විත්ව පුරවැසිභාවය ලබාදී ඇතැයි ආගමන විගමන පාලක ජනරාල් එම්.නිහාල් රණසිංහ මහතා පවසයි.

මේ රටේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට එක්අයෙකු රුපියල් ලක්ෂ 03ක මුදලක් ද ඔහුගේ බිරිඳ හා දරුවන් සඳහා එක් අයෙකුට රුපියල් 50,000 බැගින් ගාස්තු ගෙවිය යුතු වෙයි.

ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමේ අයඳුම්පත් විශාල සංඛ්‍යාවක් තම දෙපාර්තමේන්තුවට ලැබෙමින් පවතින බවත් ඒවා පරීක්ෂණයට ලක්කොට සුදුස්සන්ට පුරවැසිභාවය ලබාදීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කරගෙන යන බව ආගමන විගමන පාලක ජනරාල් එම්. නිහාල් රණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

විදේශ රටවල පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව 2015 වසරේදී ආරම්භ කළේය.