FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික පාසලක H1N1 …

කුවේට් රාජ්‍යයේ හවාලි නගරයේ පිහිටා ඇති පෞද්ගලික පාසලක H1N1 වෛරසය වැළදුනු ශිෂ්‍යයින් 11 දෙනෙකු වැඩි පිරිසක් සොයාගත් බව කුවේට් සෞඛ්‍ය බලාධාරීන් ප්‍රකාශ කළ බව කුවේට් මාධ්‍ය වාර්තා කළේය.

සති දෙකක කාලය ඇතුලතදී මෙවැනිම ආකාරයේ වෛරසය වැළදුනු ශිෂ්‍යයින් ප්‍රාථමික විද්‍යාලයකින් සොයාගත් බව වාර්තා වේ.

ශිෂ්‍යයින් දෙදෙනෙක් ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කර ඇති අතර වෛරසය වැළදී ඇති බවට සැකකරන ගුරුවරුන් දෙදෙනෙක් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා රෝහලේ රඳවාගෙන සිටින බව රෝහල් බලධාරීන් ප්‍රකාශ කළ බව කුවේට් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.