නව යුවල විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මාගේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ප්‍රියසාදයේ විශේෂ අමුත්තා වනු ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය.
සාදය අද (21) සවස පැවැත්වෙන අතර කෝලි සහ අනුෂ්කා සාදයට පැමිණෙන්නැයි ඉන්දීය අගමැති මෝදිට ආරාධනා කළේ ඊයේ (20) සවස බව වාර්තා වෙයි.
තමා හමුවීමට පැමිණි නව යුවලට සුබ පැතීමට අගමැති මෝදි අමතක නොකළ බව සදහන්ය.
නව යුවල තමන් හමුවීමට පැමිණ තමන්ට ඇරැයුම් කළේ යැයි පවසමින් මෝදි ඉන්දීය ක්‍රිකට් නායක කෝලි සහ බොලිවුඩ් සුරූපිනී අනුෂ්කා ෂර්මාගේ ඡායාරූප ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර තිබේ.










