FAST NEWS

24×7 Around the Globe

ගම රට නොහදා පාලකයන් හැදුණු කාලය ජනවාරි 8න් අවසන් වුණා..

අද යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ ගම හදා රට හැදීමේ ප්‍රතිපත්තිය මිස ගම නොහදා පාලකයන් හැදීමේ ප්‍රතිපත්තිය නොවෙයි. එවැනි කාලයක් තිබුණා. එම කාලය 2015 ජනවාරි 08 වැනිදායින් අප අවසන් කළා යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සූරියවැව කපුකිණිස්සයාය – වෙහෙරපෑලැස්ස ග්‍රාමීය පාලම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවැසීය.

පසුගිය පාලකයන්ට ගමේ පාලම හදනවාට වඩා වැදගත් වූයේ සුවිශාල ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමට බවත් එයට හේතු වූයේ එයින් ලැබෙන කොමිස් මුදල වැඩි වීම බවත් සූරියවැව ක්‍රීඩාංගණයට වැය කළ මුදලින් ගමේ පාසල්, පන්සල් සහ පාලම් කොපමණ සෑදීමට තිබුණාදැයි ප්‍රශ්න කළේය.

දුප්පතාගේ හදගැස්ම සහ ඔවුන්ගේ අපේක්ෂාවන් හඳුනාගැනීමට පසුගිය ආශ්චර්යයේ නිර්මාතෘවරුන්ට නොහැකි වූ බවත් යහපාලන ආණ්ඩුවේ නායකයන් සැම විටම මහ පොළොවේ පය ගසා ජීවත් වෙමින් පොදු ජනතාවගේ හඬට සවන් දෙන බවත් දුප්පතාගේ දුක, කඳුළ, වේදනාව යහපාලන ආණ්ඩුවේ නායකයන්ට අරුමයක් නොවන බවත් පැවැසීය.