FAST NEWS

24×7 Around the Globe

නාම යෝජනා දෙන්න නම් නිරුවතින් කැමරාව ඉදිරියේ ඉන්න කිව්වා..

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලයිස්තුවට නම දැමීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යයි ලක්මවට හඬක් සංවාදානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධූෂා රමසිංහ මහත්මිය පවසයි.

ඊට විරෝධය පල කරමින් ඇය ඊයේ(20) දිනයේ රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරියේදී නිහඬ විරෝධතාවයක යෙදුනාය.

තමන් මෙවර මැතිවණය සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි බව සදහන් කරන ඇය නාම යෝජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීමට දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවද සදහන් කරයි.

මැතිවණයට නාම යෝජනා දීමට නම් නිරුවතින් කැමරාව ඉදිරියේ පෙනී සිටිය යුතු යයි
තමනට එකී ලේකම්වරුන් අයුතු බලපෑම් කළ බවද ඇය සදහන් කරයි.

ඇය විරෝධතාවයේ යෙදෙද්දී එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලීසිය විසින් ඇය එම ස්ථානයෙන් පොලීසිය වෙත ගෙන යනු ලැබුවාය.

මේ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේ දමා ඇති සටහන පහතින්..