කලකට පෙර අභාවප්‍රාප්ත වූ තමිල්නාඩු මහ ඇමැතිනිය ජයලලිතා ජෙයරාම් , රෝහලේ ඇඳේ සිටින වීඩියෝ පටයක් මාධ්‍ය වෙත නිකුත්වීමත් සමඟ තමිල්නාඩුව ඇතුළු ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් හටගෙන ඇතැයි වාර්තා වෙයි.
මෙම වීඩියෝ පටයේ මුළු කාලය තත්පර විස්සක් වන අතර එය ප්‍රසිද්ධ කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු මන්ත්‍රීවරයකු වන පී. වෙට්‍රිවෙල්( P Vetrivel) විසිනි.
මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ හිටපු මහ ඇමැතිනිය යම්කිසි පානයක් බොමින් රූපවාහිනීය නරඹන ආකාරය වන නමුත් ජයලලිතාගේ මරණයෙන් පසුව සඳහන් වුයේ ඇය රෝහල්ගතව සිටි කාලය පුරාම සිහි විසඥව සිටි බවයි.
කෙසේවෙතත් මේ වීඩියෝවේ දැක්වෙන ආකාරයට ඇය හොඳ තත්වයේ පසුවන හෙයින් ජයලලිතාගේ මරණය සැකසහිත බවට සිදුකළ ප්‍රකාශවලට නව පණක් ලැබී තිබෙන බව සදහන්ය.
එම වීඩියෝව පහතින්..









