FAST NEWS

24×7 Around the Globe

2017 අරාබි ලෝක රූ රැජින කිරුළ මොරොක්කෝවට..

ඊජිප්තුවේ ගීසා නගරයේ පැවැති 2017 අරාබි ලෝක රූ රැජින තරඟය ජයග්‍රහණය කිරීමට මොරොක්කෝ ජාතික කාන්තාවක් වන ෂෙරීන් සමත් වී ඇති බව මැදපෙරදිග මාධ්‍ය වාර්තා කළේය.

ඇල්ජීරියාවේ රානියා බින් අෂූෂ් සහ බහරේන් රාජ්‍යයේ ෆවුස්වා අබ්දුල් රිඩා පිළිවෙලින් පළමු සහ දෙවන අනුශූරයන් ලෙස නම් කර ඇත.

එමිරේට්ස් රාජ්‍යයේ ෆාතිම් අල්-ශම්සි තෙවන ස්ථානයත් සුඩාන ජාතික ගෝෆ්රන් ඉස්මයිල් හතර වන ස්ථානයත් දිනාගැනීමට සමත් වී ඇත.