FAST NEWS

24×7 Around the Globe

ඇමරිකාව ඉරානයට චෝදනා කරයි..

සෞදි අරාබියේ රියාද් අගනුවර ඉලක්ක කර ගනිමින් මිසයිල අත්හදා බැලීමක් සිදුකළ බවට ඇමරිකාව ඉරානයට චෝදනා කරන බව විදෙස්මාධ්‍ය පවසයි.

යේමනයේ සිට මෙම අත්හදා බැලීම සිදුකළ බවත් රියාද් අගනුවරට ඉහළ අහසේදී මිසයිලය විනාශ කර ඇති බවත් සඳහන්ය.

මේ වන විටත් ඇමරිකාවේ චෝදනාව සම්බන්ධයෙන් ඉරානය ප්‍රතිචාර දක්වා නොමැති බව විදෙස්වාර්තා පවසයි.

 

C.Rodrigo