FAST NEWS

24×7 Around the Globe

පුරාවිද්‍යා වෙබ් අඩවිය අලුත් වෙන හැටී..

පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ලෝක උරුමය ඇතුළු වෙනත් සංස්කෘතික උරුමය පිළිබඳව ශ්‍රී ලංකාවේ අලුත්ම තොරතුරු අන්තර්ජාතිකයට ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ.

එය අවුරුදු පහකට වරක් යාවත්කාලීන කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පවසයි.

ඓතිහාසික පූජානගර වූ අනුරාධපුරය, පොළොන්නරුව, මහනුවර හා සීගිරිය වැනි ස්ථානත් සිංහරාජ වනාන්තර ඇතුළු ලෝක උරුමයන් පිළිබඳව නවතම තොරතුරු වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමෙන් දෙස් විදෙස් ජනතාවට ලබාදිය හැකි බව මණ්ඩාවල මහතා පවසයි.

‘ඉට්කා’ ආයතනය සමඟ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මේ යාවත්කාලීන කිරීම සිදු කරන බවත්, වර්තමානයට ගැළපෙන පරිදි එම තොරතුරුවලින් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ලබා ගැනීමට හැකිවනු ඇති බවත් ඒ මහතා පැවැසීය.

පුරාවිද්‍යා දත්ත ගබඩා කිරීම, ඓතිහාසික ස්ථානයන් හා දෙපාර්තමේන්තුවේ තොරතුරු මහජනතාව අතර බෙදාදීම, දෙපාර්තමේන්තුව සමඟ ඔන්ලයින් ක්‍රමයට තොරතුරු හුවමාරු කර ගැනීම යනාදිය වෙබ් අඩවිය යාවත්කාලීන කිරීමෙන් සිදු කර ගත හැකි බව හෙතෙම පැවැසීය.