FAST NEWS

24×7 Around the Globe

නාමල්ගෙන් උපදෙස් ගන්න මම බබෙක් නෙවේ..

ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රීල.නි.ප.ය අතර පැවැති සාකච්ඡා සාර්ථක නොවූයේ කිසිවකුගේ බලපෑම නිසා නොව සිය මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය නිසා යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සති අන්ත පුවත් පතකට ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කළ බවට ආණ්ඩුවේ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරුන් නගන චෝදනාව ගැන එම පුවත්පත ප්‍රශ්න කළ විට හිටපු ජනපතිවරයා කීවේ 1967 සිට දේශපාලනය කරනා තමා නාමල් මන්ත්‍රීවරයාගෙන් උපදෙස් ගන්නා දේශපාලන බබෙකු නොවන බව පෙන්වා දී ඇත.