වෙනිසියුලාවේ විදුලිබල පද්ධතියේ බිඳවැටිමක් හේතුවෙන් එරට ජනජීවිතයට බාධා එල්ල වී තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ මෙම විදුලි බිඳවැටීම හේතුවෙන් කරාකස් අගනගරයේ උමං දුම්රිය සේවාවට සහ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ කටයුතු වලට බාධා එල්ල වූ බවයි.
වෙනිසියුලා විදුලි බල අමාත්‍ය මොටා ඩොමින්ගස් සඳහන් කළේ විදුලි බලාගාරයක් සහ උප පොලක් අතර රැහැන් පද්ධතියක බිඳ වැටීමක් මීට හේතුවන්නට ඇති බවයි.
C.Rodrigo









