FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 80 යැයි සුජීවගෙන් ආ ප්‍රකාශයට ජෝන්ට තරහ ගිහිං..

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට වඩා තමාට හොඳට සිහිබුද්ධිය තිබෙන බවත් ඒ අනුව සුජීව සේනසිංහ මහතාට වඩා තමා හොඳින් කටයුතු කරන බවත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

ජෝන් අමරතුංග අමාත්‍යවරයාට අවුරුදු 80ක් පමණ වන බවත් වයසට ගියවිට එක එක කතා කියන බවටත් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් ගැන විමසූ අවස්ථාවේදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

ඊයේ පෙරේදා දේශපාලනයට ඇවිල්ලා සුජීවලා මොනවාද දන්නේ. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් මං මැතිවරණ කීයකට මුහුණ දුන්නාද? කෙතරම් මැර තර්ජන අපට එල්ල වුණාද? පසුගිය ආණ්ඩුව කාලේදී කෙතරම් මැර තර්ජන එල්ල වුණාද? ඒ වගේ තර්ජන ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට එල්ල කරන්න එපා. එහෙම කවුරුහරි මැර තර්ජන අපට කරන්න ආවොත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එකයි මං කිව්වේ.

මට වයස ගියාට සුජීවලාට වැඩිය ඉතා හොඳ සිහි බුද්ධියෙන් මම කටයුතු කරනවා. කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපායි කියලා ජනාධිපතිතුමා පසුගියදා කිව්වේ කාටද? ජනාධිපතිතුමාට ‍දොස් කියන්න එපා කියලා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා අවවාද කළේ කාටද? කියලා හොයලා බලන්න. එතකොට සිහිබුද්ධිය නැතිව වැඩ කරන්නේ කවුද? කියලා කාටත් දැනගන්න පුළුවන්’ යැයිද ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.