FAST NEWS

24×7 Around the Globe

මෙහෙම ගියොත් පිටරටින් බත් පාර්සලුත් ගෙන්වයි..

මේ වන විට සහල්, පොල් හා එළවලු පිටරටින් ආනයනය කරන්නට රජය තීරණය කර ඇති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ප‍්‍රකාශ කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා එම පක්‍ෂය විසින් සංවිධානය කර තිබූ ජන හමුවක් අමතමින් පැවැසීය.

මේ ආකාරයෙන් ගියහොත් ඉදිරි දිනකදී පිටරටින් බත් පාර්සල් ගෙන්වීමටද ආණ්ඩුව කටයුතු කරනු ඇති බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.