FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 15 ක රැඳවියෙකු බන්ධනාගාරයේදී කර ගත් දේ..

පොළොන්නරුව බන්ධනාගාරයේ රඳවා සිටි මලිත් රණවන නමැති වයස අවුරුදු 15 ක රැඳවියෙකු අද(16) අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෙලෙස සියදිවි හානිකර ගෙන ඇත්තේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ බාල වයස්කරුවෙකු බවයි.

මෙම බාලවයස්කාර සැකකරු පදියතලාව – මාවිත්තාවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර නිදා සිටි ඇඳ ඇතිරිල්ල ජනේලයේ ගැට ගසා මෙලෙස සිය දිවි නසාගෙන ඇත.

මොහු පසුගිය මස 22 වනදා සිට මේ මස 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දෙහිඅත්ත කණ්ඩිය උසාවි නියෝග කර තිබුණි.