FAST NEWS

24×7 Around the Globe

රොහිත් ෂර්මාගේ බිරිඳට තෑග්ග දෙන්න පුළුවන් වුනේ ළඟ හිටපු නිසාලූ.. (ඡායාරූප)

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රොහිත් ෂර්මා සිය බිරිඳ වන රිතිකා හට ඊයේ(13) දිනට යෙදී තිබුණු ඔවුන් ගේ දෙවැනි විවාහ සංවත්සරය වෙනුවෙන් අපූරු තෑග්ගක් ලබාදීමට කටයුතු කළ බව වාර්තා වෙයි.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ (13) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේදී ලබාගත් ද්විත්ව ශතකය ලෙසින් බව හෙතෙම පවසයි.

තරගයෙන් අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියේ මෙසේය.

“මේ විශේෂ දවසේ මගේ බිරිඳ මාත් එක්ක මෙතන ඉඳීම ගැන සතුටුයි. මං දැනගෙන හිටියා මේ තෑග්ගට ඇය කැමති වන බව. ඇය තමයි මගේ ශක්තිය. ඇය හැමතිසේසේම මා වෙනුවෙන් හිටියා. මෙම ක්‍රීඩාවේදී ආතතිය තරමක් වැඩියි. ඒ නිසා ඔවුන් වැනි පුද්ගලයන් ළඟ ඉන්න එක විශේෂ දෙයක්.’

“මෙය අපේ දෙවෙනි සංවත්සරය. ඊටත් වැඩිය සතුටු කාරණේ තමයි අපි තරගය දිනා ගත්තා. අපි තරගය මැදදී හරි දේ කරන්න උත්සාහ කළා. අවසානය දක්වාම අපි එය කළා. කණ්ඩායමක් වශයෙන් අපි වීසාග් හි තරගය ගැන බලාපොරොත්තු තබා ඉන්නවා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊයේ දිනයේදී ශ්‍රී ලංකාව ලකුණු 141ක පරාජයක් ලැබූ අතර, එක්දින ජාත්‍යන්තර තරග වලදී ද්විත්ව ශතක තුනක් ලැබූ පළමු පිතිකරුවා ලෙස රොහිත් ෂර්මා ඉතිහාසයට එක්විය.

Image result for rohit sharma and wife rithika

Related image

Related image

Image result for rohit sharma and wife rithika