FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතුව හා මැතිව්ස් ගැන තිලාන් සමරවීරගෙන් විශේෂ ප්‍රකාශයක්..

ඉන්දීයාව සමග පසුගියදා මොහාලි හිදි  ශ්‍රී ලංකාව ලකුණු 141 කින් පරාජයට පත්වු දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ තණතීරුව පිතිකරුවන්ට වාසි තණතීරුවක් වුවද , ඉන්දීය පිතිකරුවන් ලකුණු 320-330ක් අතර ගණනකට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්නට හැකියාව පැවති පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමීන් ප්‍රකාශ කර තිබේ.

“අපේ පන්දු යවන්නන්ට මෙයට වඩා දෙයක් කරන්න තිබුණා. මේ තණතීරුව පිතිකරුවන්ට වාසි තණතීරුවක් වුණත් එහි ලකුණු 320-330ක් අතර රඳවාගන්නට අපට හොඳටම ඉඩ තිබුණා. ඒත් ලකුණු 390ක් කියන්නේ ඉතාමත් ලොකු ලකුණු ප්‍රමාණයක්. ඒ නිසා මම හිතන්නේ ලකුණු 60කට වැඩි ප්‍රමාණයක් අපි ඔවුන්ට ලබා දුන්නා. අපේ පන්දු යවන්නන් යැවූ මැද කෙටී එන පන්දුවලට ඔවුන් අපට හොඳින් සැලකුවා.

මම හිතන්නේ මෙහි වැඩි ගෞරවය හිමිවිය යුත්තේ රෝහිත් ෂර්මාට. අපට එරෙහිව ලබාගත් ඔහුගේ පළමු ද්විත්ව ශතකයත් රූපවාහිනියෙන් මා නැරැඹුවා. එදාට වඩා ඔහු මෙවර දෙවැනි ලකුණු සියය ලබාගත්තේ පන්දු 36කදී වීම විශේෂත්වයක්. ඔහු මේ ද්විත්ව ශතකය ලබාගත්තේ තරගාවලිය 1-0ක් ලෙස පරාජය වෙලා පීඩනයක සිටියදීයි. එතැනයි වැදගත්කම තියන්නේ”

එසේම  ශ්‍රී ලංකා ඉනිම ගොඩගැනීම සඳහා හුදකලා සටනක් දියත් කළ ඇන්ජිලෝ මැතිව්ස් සම්බන්ධයෙන්ද  හෙතෙම අදහස් දක්වා තිබේ.

“පිතිකරුවකුගෙන් වන සේවය ඔහුගෙන් අවශ්‍ය නිසයි අපි ඔහුව නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගත යුත්තේ. ඔහු නැවත පැමිණියේ ආබාධයකින් පසුව නිසා ඔහු පන්දුවාර කිහිපයකට පමණක් සීමා කර ගත යුතු වෙනවා” 

තෙවැනි හා අවසන් එක්දින තරගය 17 වැනිදා (ඉරිදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 විශාකාපට්නම්හිදී ආරම්භ වීමට නියමිතය.

DE සිල්වා