FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ අලි ඇතුන් දිගින් දිගටම ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය මේකද..?

නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ අලි පැටවුන් අල්ලා ඔවුන් මැද පෙරදිග වැනි රටවල ධනවතුන්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රබල සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.

එමෙන්ම පසුගිය සති කිහිපය තුළ දළ ඇතුන් ගණනාවක් මරා දමනු ලැබුවේ නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන් දැයි සැකයක් මතු වී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඒ බව සඳහන් කළේ ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතුළු ඇතුන් සිව් දෙනෙකු පසුගිය සති කිහිපය තුළ ඝාතනයට ලක්වීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡාවකට එක්වෙමිනි.

දළ පූට්ටුවා ඇතුළු ඇතුන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා තිබූ අතර, තවත් ඇතෙකුට වස දී මරා දමා තිබුණි.