FAST NEWS

24×7 Around the Globe

අසුචි ගොඩක ඉදන් වහසි බස් කීම නවත්තපන්..

බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හා රාජ්‍ය රැකවරණය ලබා දීමට කිසිසේතම එකග නැතැයි දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් කර ඇති ප‍්‍රකාශයට හිටපු ඇමති දේශීය ජනජය පක්ෂයේ නායක මර්වින් සිල්වා මහතා ප‍්‍රතිචාර දක්වයි.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙසේය.

ශ්‍රී සම්බුද්ධ දර්ශනයට නිසි තැන ලැබුනේ අද ඊයේ නොව ඉංග්‍රීසි පාලන සමයේද පිළිගත් දෙයකි ……

පිනට ලැබුන මන්ත්‍රී කමේ අරුත නොදත් සුමන්තිරන් එලොව විකාරෙන් දොඩවනවා.

සිංහල රජ දවසේ පටන් සිංහල දීපයේ බෞද්ධ දර්ශනයේ අභිවුර්ධිය සදහා ශ්‍රී දළදා සමිදුන්, ශ්‍රී මහාබෝධීන් වහන්සේ ආරක්ෂා කරන්න, වෙහෙර විහාරස්ථාන ඉදි කරන්න, රජ කරන රජතුමන් දිවිහිමියෙන් කැපවෙන රටේ ඉතිහාසය නොදනිම හාස්‍යයට කරුණක්, රට දෙකඩ කරන අදහස් ඇති, තම මාතෘත්වය ලබාදුන් මාතෘ භුමිය කෙලෙසන සුමන්තිරන් වැනි උන්ට තේරෙන භාෂාවක් ඇත…..

ඒ භාෂාවෙන් මම දැන් කියන්නම්…..

ද්‍රෝහීන්ගේ පරම්පරාවට නෑකම් කියන, වැදගත් නැති උපතක් හැටියට හදුන්වන, උඹ වැනි කෙනෙකුට පිනට මන්ත්‍රීකම් දෙන ඇත්තන්, බෞද්ධ දර්ශනයට හිමි තැන දීම සදාකාලික රට පාලනය කරන සියලු දෙනාගේ වගකිමයි, එම වගකීම කිසිවෙකුටත් බැහැර කල නොහැක. අසුචි ගොඩක ඉදන් පිනට ලැබුන තනතුරේ හයියට වාසි බස් කීම නවත්තපන්, මෙවැනි වහසිබස් දොඩවන උන්ගේ මුඛයට මුඛවාඩම් දාන්න දැන් කාලය එළෙඹ ඇත.

මම
රුහුණේ උපන්
ආචාර්‍ය මර්වින් සිල්වා
දේශීය ජනජය පක්ෂයේ නායක