තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෙගොන්ගේ ප්රධානත්වයෙන් ඉස්ලාමීය සහයෝගීතා සමුළුව හදිසියේ තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී ආරම්භ විය.
වාර්ෂිකව පැවැත්වෙන මෙම සමුළුව මෙවර හදිසියේ පැවැත්වෙන්නේ, ජෙරුසිලම ඊශ්රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්රම්ප් කටයුතු කිරීමත් සමඟ මැදපෙරදිග කලාපයේ හටගත් නව අර්බුදකාරී තත්ත්වය මුල්කොට ගනිමිනි.
ඉස්ලාමීය සහයෝගීතා සමුළුව රටවල් 57 ක රාජ්ය නායකයන් සහ නියෝජිතයෝ සහභාගී වෙති.
C.Rodrigo









