යුරෝපා සංගමයෙන් ඉවත්වනවා ද, නැද්ද යන්න තීරණය කිරීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බලතල පැවරෙන පරිදි වූ යෝජනාවකට එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව විදෙස්මාධ්‍ය පවසයි.
මෙසේ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන යුරෝපා සංගම් සමුළුවට සහභාගී වන අතරතුරය.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුන්සිය නව දෙනෙකු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් ඊට විරුද්ධව මන්ත්‍රීවරුන් තුන්සිය පස් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කර ඇති බවත් සදහන්ය.
C.Rodrigo









