FAST NEWS

24×7 Around the Globe

ලංකාවට දකින්න ලැබෙන අන්තිම වැස්ස අද රාත්‍රියේදී..

මෙම වසරේ වඩාත්ම හොඳින් දර්ශනය වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද(14) සහ හෙට(15) ලංකාවට ඉතාම හොඳින් දර්ශනය වන බව ග්‍රහලෝකාගාරය පවසයි.

සුදු, කහ, කොළ, නිල් සහ රතු වර්ණ සහිත වෛවර්ණ උල්කාවලින් යුතු මෙම ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව මෙම වසරේ ශ්‍රී ලංකාවට දක්නට ලැබෙන අවසන් උල්කාපාත වර්ෂාව බව ග්‍රහලෝකාගාරය සඳහන් කරයි.

සෑම වසරකම දෙසැම්බර් 7 සිට 17 දක්වා කාලය තුළ දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව අද (14) රාත්‍රියේ උදාවනු ඇති බව ග්‍රහලෝකාගාරය පවසයි.

හෙට(15) රාත්‍රි 9.00න් පසු නැඟෙනහිර අහසේත්, මධ්‍යම රාත්‍රියට ආසන්නයේදී අහස ඉහළ මධ්‍යයේත් අලුයම් කාලයේදී බටහිර අහස දෙසිනුත් කඩාහැලෙන තරු ආකාරයට උල්කාපාත වර්ෂාව දැක ගත හැකි බව සඳහන් කරයි.

මෙම උල්කාපාත වර්ෂාව නැරඹීමට අද (14) අලුයම 2.00ත් 4.00 අතර කාලය වඩාත්ම සුදුසු වෙලාව බවත් එම අවස්ථාවේදී පැයකට උල්කාපාත 120 පමණ ඇද හැලෙන බවත් එය පියවි ඇසින් දැකිය හැකි බවත් ග්‍රහලෝකාගාරය පවසයි.