FAST NEWS

24×7 Around the Globe

සමාජ ජාලයේ කවි ලියූ ඉන්දික ගුණවර්ධන සමුගනී..

සමාජ ජාලා තුළ කවි රචනා කරන්නෙකු ලෙස ප්‍රකට වූ ඉන්දික ගුණවර්ධන අද (13) හදිසි හෘදයාබාධයකින් ජීවිතයෙන් සමුගත්තේය.

ගුවන් විදුලි සංස්ථා සභාපති නීතීඥ සුදර්ශන ගුණවර්ධනගේ සොයුරෙකුවූ ඉන්දික කවි ලියන අය අතර ප්‍රකට නමක් දිනා සිටියේය.

ඔහු අතින් ලියැවුණ කෙටි කවි එකතු කර ‘හිතේ කෙටූ ටැටූ‘ නමින් ග්‍රන්ථයක්ද රචනා කර තිබුණි.