FAST NEWS

24×7 Around the Globe

වර්ජනය තිබුණත් දරුවෝ වෙලාවට විභාගයට..

දුම්රිය සේවක වැඩවර්ජනයක් පැවැතියද අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාග මධ්‍යස්ථානවලට අයැදුම්කරුවන් නියමිත වෙලාවට පැමිණි බව වාර්තා වී ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවැසීය.

වැඩ වර්ජනය සම්බන්ධයෙන් මවුපියන් දැනුවත්ව සිටි බැවින් ඔවුන් ඒ සඳහා සූදානමින් කටයුතු කර දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවීමට පියවර ගෙන තිබීම ගැන හෙතෙම ප්‍රශංසා කෙළේය.

සෑම විභාග මධ්‍යස්ථානයකම නියමිත අයැදුම්කරුවන් සංඛ්‍යාව පැමිණ සිටි බවද වාර්තා කර ඇතැයි හෙතෙම ඊයේ (12) දහවල් පැවැසීය.