FAST NEWS

24×7 Around the Globe

අනතුරට පත් සිසුවා රෝහලේ සිට විභාගයට ලියයි..

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයට පෙනී සිටීමට යමින් සිටි ශිෂ්‍යයකු මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය අසලදී ඊයේ (12) උදෑසන සිදු වූ රිය අනතුරකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු විභාග කොමසාරිස් ජනරාල්වරයාග් උපදෙස් පරිදි රෝහලේ විශේෂ කුටියක් තුළදී විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දුන් බව හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය මහතා පවසයි.

අනතුරට ලක් වූ ශිෂ්‍යයා සිය සහෝදරයා සමඟ වටරැක ප්‍රදේශයේ සිට යතුරුපැදියකින් මීගොඩ මහා විද්‍යාලයීය විභාග මධ්‍යස්ථානය බලා පැමිණ ඇති අතර එහිදී විභාග මධ්‍යස්ථානය ඉදිරිපිටදී දකුණු දෙසට යතුරුපැදිය හැරවීමට යෑමේදී පිටුපසින් පැමිණි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් යතුරුපැදියෙහි පිටුපස ගැටී ඒ අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක සහ කුඩා ලොරි රථයකද ගැටී ඇතැයි මීපේ පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් එක්ව අනතුරට ලක්වූ ශිෂ්‍යයා සහ සහෝදරයා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ශිෂ්‍යයාගේ වම් ඇස ආසන්නයේ සහ අත් පාවල තිබූ තුවාල සඳහා ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත දේශප්‍රිය වීරසූරිය මහතා විසින් විභාග කොමසාරිස් ජනරාල්වරයගේ උපදෙස් මත වහාම ශිෂ්‍යයාට රෝහල තුළ විශේෂ කාමරයක අධීක්ෂණ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේ ප්‍රශ්න පත්‍රයක් ලබා දී පිළිතුරු සැපයීමට සම්පූර්ණ කාලයම ලබා දීමටත් කටයුතු කර ඇත.