මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවි සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී හි නවීනතම සෝනි BRAVIA OLED මාදිලියේ රූපවාහිනි එකතුව පසුගියදා එළිදක්වා තිබුණි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති මෙම උත්සවයට සිංගර් ශ්‍රී ලංකා හි සභාපති මොහාන් පණ්ඩිතගේ, එහි අලෙවි අධ්යක්ෂ කුමාර් සමරසිංහ හා සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූරුවේ) හි ශ්‍රී ලංකා ප්‍රධානී – ජස්ටින් වොන්ග් යන මහතුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.







