ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ නව සභාපතිවරයා ලෙස රාහුල් ගාන්ධි නිතරගයෙන් තේරී පත්වු බව විදෙස්මාධ්‍ය පවසයි.
නාම යෝජනා භාරගැනීම පසුගිය සතියෙන් අවසන්ව ඇති අතර ඉදිරිපත්ව තිබූ නාමයෝජනා 89ම රාහුල් ගාන්ධිගේ නම පමණක් සඳහන්ව තිබීම විශේෂත්වයකි.
මේ වන විට 47වන වියේ පසුවන රාහුල් ගාන්ධි වසර 19ක් කොන්ග්‍රස් පක්ෂයට නායකත්වය ලබාදුන් තම මව වන සෝනියා ගාන්ධිගෙන් පක්ෂ සභාපති ධුරය භාරගැනීමට නියමිතය.
C.Rodrigo









