FAST NEWS

24×7 Around the Globe

සුනඛ සොරකම සුනඛයෙක්ම ඇල්ලූ හැටී..

නාවලපිටිය රඹුක්පිටිය ආඩියාදෙනිය ප්‍රදේශයේ නිවසක සිටි ලැබ්බ්‍රඩෝ වර්ගයේ සුනඛ පැටවුන් දෙදෙනෙකු සොරකම්කළ සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටිය පොලිස් අපරාධ නිල සුනඛ අංශයේ ෂෝක්ස් සුනඛයා විසින් සොයාගෙන තිබේ.

මේ සුනඛ පැටවුන් දෙදෙනා රුපියල් ලක්ෂයක් පමණ වටින බව පැවසෙන අතර ලැබ්බ්‍රඩෝ වර්ගයේ සුනඛ පැටවුන් අට දෙනෙකු විකිණීමට ඇති බවට ලද තොරතුරක් මත මෙම සැකකරුවන් දෙදෙනා මීට දින දෙකකට පෙර මෙම සුනඛ පැටවුන්ගේ හිමිකරුගේ නිවසට ගොස් ඔවුන් පරික්ෂා කර මිලගණන්ද විමසා තිබේ.

පසුදා පෙරවරුවේ හිමිකරුවිත් සුනඛ පැටවුන් පරික්ෂා කිරීමේදී සුනඛ පැටවුන් දෙදෙනෙකු අඩු බව වටහා ගැනීමෙන් පසුව ඔහු නාවල පිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ආනන්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි එම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක දොලවත්ත මහතා විසින් නාවලපිටිය සුනඛ අංශයේ ෂෝක් සුනඛයා යොදවා මේ සොරකම අල්ලා ගැනීමට සමත්ව තිබේ.

සැකකරුගේ බවට සැකකරණ පාවහන් යුවලක් ඉව ඔස්සේ ෂෝක්ස් සුනඛයා කිලෝමීටර් 4ක් පමණ ගොස් පැණිතුඩුමුල්ල ප්‍රදේශයේදී ප්‍රධාන සැකකරු කොටුකර ගැනීමට සමත්ව ඇත.

ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුව සුනඛ පැටවුන් දෙදෙනා ගම්පොළ වල්ලාගොඩ ප්‍රදේශයේ නිවසක සඟවාගෙන සිටියදී තවත් සැකකරුවකු සමඟ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.