FAST NEWS

24×7 Around the Globe

තනි දළයාගේ මරණයට හේතුව හෙළිවෙයි..

පුත්තලම සෙල්ලන්කන්දල් රක්ෂීතයේ මැරි සිටි දළ ඇතාගේ මරණයට හේතුව විස ශරිර ගතවිමක් බව වන ජීවි පශු වෛද්‍යවරු ඊයේ(10) සවස පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි තහවුරු කර තිබේ.

වනජීවි පශු වෛද්‍යවරුන් වන චන්දන ජයසිංහ සහ පුත්තලම සහ කුරුණෑගල භාර ඉසුරු යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදු කෙරිණි.

වයස අවුරුදු 30ක් පමණ වූ මෙම තනි දළයා වසර 15කට වැඩි කාලයක් පුත්තලම සෙල්ලන්කන්දල් හා කල්අඩිය රජයේ වන රක්ෂීත ආසන්යේ රැදි සිටි බවට ජනතාව පවසයි.

කිසිම අවස්ථාවක හිරිහැරයක් මෙම ඇතාගෙන් සිදු නොවු බව කියන ඔවුහු සති කිහිපයක සිට තනි දළයා සෙල්ලන්කන්දල් රක්ෂීතයේ දක්නට නොලැබුණු බව පැවසූහ.

පසුගිය 9වැනිදා සවස මරණයට පත්ව සිටි ඇතාගේ සිරුර හමුවී ඇත්තේ රක්ෂිතය මැදින් ගමන් කරමින් සිටි කිරි ගොවියකුටය.