වත්මන් ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ඉදිරියට කටයුතු කරන්නට සූදානම් බව කොළඹ විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී අනුරාධපුර දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා අත්සන් කිරීමේ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
එසේ කරන්නේ නම් ජනපති සමග කිසිදු ගැටළුවක් නැති බවත් අනිත් සියල්ල අමතක කරන්න සූදානම් බවත් ඔහු පැවසීය.
ආණ්ඩුව සමග සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමග ගිවිසුමක් අත්සන් කලහොත් ඒකාබද්ද විපක්ෂයද ආණ්ඩුවේ යයි පිලිගැනෙන නිසා ශ්‍රිලනිපයට ආණ්ඩුවෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.









