FAST NEWS

24×7 Around the Globe

ලංකාවේ ඇමතිවරුන් ලෝක වාර්තාවක් තියයි..

ලොව වැඩිම ඇමතිවරුන් ගණනක් සිටින රට ලෙස ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර වාර්තාවක් විසින් නම් කර තිබේ.

2017 වසර සදහා ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමය නිකුත් කරල ලද ‘2017 වුමන් ඉන් පොලිටික්ස්’ වාර්තාවෙන් මෙම හෙලිදරවුව කර ඇත.

අදාල ලෝක වාර්තාවට හේතු වී ඇත්තේ මේ වන විට ශ‍්‍රී ලංකාවේ කැබිනට් ඇමතිවරුන් 47ක් සිටීමය.

ලෝකයේ රටවල් 191ක් සම්බන්ධයෙන් මෙම සමීක්‍ෂණය සිදු කර ඇති අතර ශ‍්‍රී ලංකාවට පසුව එම ලයිස්තුවේ ඉහලින්ම සිටින රටවල් වනුනේ ඉක්වදෝරය, කැමරුන්, කොංගෝ රාජ්‍යයන් බව සදහන්ය.