ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර ඊයේ (06) නිමා වු ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ වෙනස්කම් කිහිපයක් සිදුව තිබේ.
එ අනුව ශ්‍රී ලංකා නායක දිනෙෂ් චන්දිමාල් මෙම තරගාවලියේදි ලකුණු 366 ක් ලබා ගනිමීන් දැක්වු පිතිකරණ දස්කම් හේතුවෙන් ටෙස්ට් පිතිකරණ වර්ගී කරණයේ පියවර 08 ක් ඉදිරියට පැමීණෙමීන් එහි 09 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් ව තිබේ.
එසේම හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමෙදි ලකුණු 111 ක් රැස් කිරීම හේතුවෙන් එම වර්ගීකරණයේ පියවර 07 ක් ඉදිරියට පැමීණෙමීන් 23 වැනි ස්ථානයට හිමී කර ගෙන ඇත.
තවද තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේදි ලකුණූ 119 ක් රැස් කරමීන් තරගය ජය පරාජයෙන් තොරව ශ්‍රී ලංකාවට අවසන් කිරීමට මාර්ගය විවර කළ ධනංජය ද සිල්වා ටෙස්ට් පිතිකරණ වර්ගීකරණයේ පියවර 09 ක් ඉදිරියට පැමීණෙමීන් 43 වැනි ස්ථානය තහවුර කර ගැනීමට සමත්ව තිබේ.
එසේම දිවිත්ව ශතකයක්ද සමගින් තරගාවලිය තුළ ලකුණු 610 ක් රැස් කරගත් ඉන්දීය නායක විරාත් කෝලී ටෙස්ට් පිතරකණ වර්ගීකරණයේ පියවර 03 ක් ඉදිරියට පැමීණෙමීන් දෙවැනි ස්ථානය හිමී කරගැනීමට සමත්ව ඇත.
DE සිල්වා









