ලබන වසරේ අවසානය වනවිට අපේ රටට අවශ්‍ය ඖෂධවලින් සියයට 80ක් මෙරටම නිෂ්පාදනය කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවැසීය.
මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 1250ක් පමණ තිබෙන බවත්, ඒ අතරින් මූලික වශයෙන් අවශ්‍ය ඖෂධ 500ක් පමණ තිබෙන බවත් පෙන්වා දෙන ඇමැතිවරයා මෙම අත්‍යවශ්‍ය ඖෂධවලින් 75%ක් දේශීයව නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් සඳහන් කලේය.
ඖෂධ නිෂ්පාදනය කිරීම අතරතුරදී මෙරටට ඖෂධ ආනයනය කිරීම ක්‍රමයෙන් නතර කරන බවත්, දැනටමත් හොරණ ඇතුළු ස්ථාන දෙකක ඖෂධ නිෂ්පාදන සමාගම් ආරම්භ කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.









