FAST NEWS

24×7 Around the Globe

සනී ලියොන් කලා කටයුතුවලින් ඉවත් වෙයි.. හේතුව මෙන්න..

සිය දියණිය නිෂා වෙබර් වෙනුවෙන් මාස 21ක කාලයක් කලා කටයුතුවලින් ඉවත් වීමට ඉන්දීය සිනමා නිළි සනී ලියොන් තීරණය කර තිබෙන බව සඳහන් වෙයි.

සිය දියණිය නිෂා මේ වනවිට පෙර පාසල් අධ්‍යාපනයට සූදානම් කර තිබෙන බව පවසන සනී ලියොන් ඒ වෙනුවෙන් ඉදිරි කාලයේදී තමා තරමක් කාර්යබහුල වී තිබෙන බවද පවසා තිබේ.

පසුගිය කාලයේදී බොලිවුඩ් චිත්‍රපටවල ‘අයිටම්’ ගීත සඳහා පමණක් මේ කාර්යබහුලත්ව නිසා තමා සහභාගි වුණ බව පවසන සනී ‘තෙරේ ඉන්තසාර්’ චිත්‍රපටය නිෂා මුණ ගැසෙන්නට පෙර නිර්මාණය කළ චිත්‍රපටයක් බවද වැඩි දුරටත් පවසා ඇත.