FAST NEWS

24×7 Around the Globe

සනත් ගැන තවත් අලුත් කතාවක්..? (ඡායාරූප)

සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය මාලදිවයින් ජාතික කාන්තාවක සමග පටැලී ඇති බවට සමාජ ජාලා වෙබ් අඩවි තවත් අලුත් කටකතාවක් පතුරා තිබේ.

සබීනා මනිකු නමැති මාලදිවයින් ජාතික ව්‍යාපාරික කාන්තාවක් සමග වැළඳගෙන සනත් පෙනීසිටින ඡායාරූපයක් මෙම කතාව පතුරන්නට යොදාගෙන තිබේ.

කෙසේ වෙතත් එය සනාථ කිරීමට යොදාගෙන තිබෙන ඡායාරූපය පසුගිය ජූලි මාසයේ ඇය ඇගේ ට්විටර් ගිණුමට එක්කර තිබුනේ ඇගේ මිතුරෙකු ලෙස හඟවමින් පමණි.

ඇගේ සමාජ ජාලා ගිණුම් වල තවත් විවිධ පුද්ගලයින් සමග ඇය පෙනී සිටි ඡායාරූපද දක්නට ඇත.

සබීනා මනිකු ඇගේ පියාට අයත් Coastline Group Pvt Ltd හි අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරන අතර ස්විට්සර්ලන්තයේ අධ්‍යාපනය ලබා ඇති බව වාර්තාවෙයි.

Related image

 

Image result for sabeena maniku