FAST NEWS

24×7 Around the Globe

හොරුන්ට දූෂිතයන්ට ගම භාරදෙන්න එපා..

හොරුන්ට දූෂිතයන්ට ගම භාරදෙන්න එපා. මහ බැංකුව කඩනකම් බලා සිටියා සේ තම තමන්ගේ ගම්වල ග්‍රාමීය බැංකුත් බිඳිනකම් බලා නොසිට ගමට, ජනතාවට හා මහජන මුදලට වගකියන මහජන නියෝජිතයන් තෝරාපත් කරගන්නැයි ජවිපෙ පළාත් සභා මන්ත්‍රි වසන්ත සමරසිංහ මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී.ල.නි. පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමඟ එකතු වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බව මතුකරමින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් පැවැසීය.

එළැඹෙන පළාත් පාලන මැතිවරණය රටේ ජනතාවට අලුත් ආරම්භයක් ගෙන දෙන මැතිවරණයක් බවත් ඒ සඳහා නිවැරැදිව තම නියෝජිතයන් තෝරාපත් කරගත යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.