ශ්‍රී ලංකා පිතිකරුවෙක් විදෙස් ටෙස්ට් ක්‍රිකට් තරගයක සිව්වැනි ඉනිමේදි ශතකයක් වාර්තා කිරීමේ අවස්ථාව අවුරුදු දහයකට පසු අලුත් කිරීමට ධනංඡය ද සිල්වා (පෞද්ගලික 03 ශතකය) අද (06) ඉන්දීයාවට එරෙහිව ශතකයක් වාර්තා කරමීන් සමත් විය.
මීන් පෙර කුමාර් සංගක්කාර 2007 වර්ෂයේදි හොබාර්ට් හිදි ඔස්ටේලියාවට එරෙහිව ලකුණූ 192 වාර්තා කරමීන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලෙස විදෙස් ටෙස්ට් තරගයක සිව්වැනි ඉනිමේදි ශතකයක් වාර්තා කිරිමට සමත්ව සිටියේය.
එසේම ඉන්දියාවට එරෙහිව ඔවුන්ගේ මව් රටෙදි ටෙස්ට් තරගයකදී සිව්වැනි ඉනිමේදි වැඩිම ලකුණූ ලබාගත් පිතිකරුවා විමේ භාග්‍යයද ධනංඡයද සිල්වාට හිමී විය.
ඉන්දු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් තරගයේ අවසන් දිනය වන අද (06) මෙ මොහොත වන විට සිය දෙවැනි ඉනීම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 05 ක් දැවී ලකුණූ 180 ක් ලබා සිටින අතර ජයග්‍රහණය සඳහා කඩුළු 05 ක් අතැතිව තවත් ලකුණූ 230 ක් අවශ්‍ය වේ.
නොදැවී ක්‍රීඩා කරන ධනංඡය සිල්වා ලකුණූ 110 ක් හා රොෂෙන් සිල්වා ලකුණූ 12 ක් ලබා සිටිති.
DE සිල්වා









