FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුරට වසර 43 ක්..! (ඡායාරූප)

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර වන සපතකන්‍යා අනතුර සිදුවී ඊයේ(04) දිනට වසර 43ක් සපිරෙන ලදි.

1974.12.04 වැනි දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්දයට අයත් මාර්ටින් එයාර් ඩී.සි 8 ගුවන් යානය මෙම අනතුරට මුහුණ දුන් අතර ඉන්දුනිසියාවේ සුරවෙයාර් ගුවන් තොටුපළින් 182 ක් හා කර්ය මණ්ඩලය 9 දෙනෙක් රැගෙන ආගරපත,නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් සිටිය දී එදින රාත්‍රී 10.10ට පමඛ සප්ත කන්‍යා කන්දේ හැපී එම ගුවන් යානයේ සිටි 191 දෙනෙක් මිය ගියහ.

කඳු පාමුල සිරුරු කිහිපයකුත් කන්ද ඉහළ තවත් සිරුරු කිහිපයකුත් වැටී තිබී සොයා ගත් අතර පසුව සිරුරු 190ක් කන්ද පාමුල මිහිදන් කර යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනිසියාවේ සිට හෙළිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනිසියාවට රැගෙන ගිය බවද වාර්තා වෙයි.

අනතුරට පත් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ නැමති 52 හැවිරිදි අයෙක් විය.

එසේම මෙම ගුවන් අනතුරට හේතුව තාක්ෂණ දෝෂයක් බව ඒ පිළිබඳ පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම විසින් වාර්තාවක් මගින් ඉදිරිපත් කරන ලදී.

යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නවදෙනා සැමරීම සඳහා නෝර්ටන්බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට ඔවුන්ගේ නම් සටහන් සිහිවටනයක් ලෙස තබා ඇති අතර අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත් කර ඇත.

ඡායාරූප පහතින්..