FAST NEWS

24×7 Around the Globe

රාජිත අලුතින් එන බද්දක් ගැන කියයි..

ඉදිරියේදී මේදය සහ ලුණු මිශ්‍ර ආහාරවලටද බදු පැනවීමක් සිදුකරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

දැනට වැඩි සීනි ප්‍රතිශතයක් අඩංගු ආහාරපාන සඳහා පනවා ඇති බදු, මේදය සහ ලුණු මිශ්‍ර ආහාරවලටද පැනවීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ඇමැතිවරයා කීය.

හෘද රෝග, අධික රුධිර පීඩනය ඇතුළු බෝ නොවන රෝගවලින් මියයන සංඛ්‍යාව වසර 2025 වන විට සියයට 25 දක්වා අවම කිරීමට සැලැසුම් සකස් කර තිබෙන බවත් වසර 2025 වන විට මද්‍යසාර භාවිතය සියයට 10කින් අඩු කිරීමට ලුණු භාවිතය සියයට 30කින් අඩු කිරීම, දුම්පානය සියයට 30කින් අඩු කිරීමට සැලැසුම් සකස් කර මේ වන විට වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙන බවත් ඔහු මෙහිදී පැවැසුවේය.