FAST NEWS

24×7 Around the Globe

වෙස් මුහුණු බැඳන් ආවත් මහින්ද – රනිල් – මෛත්‍රි තුන්කට්ටුවම ඉන්නේ එකම කඳවුරකයි..

මහජන දේපළ හොරාකමින් වෙස් මුහුණු බැඳගෙන ජනතාව ඉදිරියට එන මහින්ද, මෛත්‍රි, රනිල් තුන් කට්ටුව එකම කඳවුරක පිරිසක්. මේ හොර කඳවුරට විරුද්ධව මුහුණ දීමට ජනතාව සමඟ පෙරමුණට එන ශක්තිමත් කඳවුර ජනතා විමුක්ති පෙරමුණයි යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සූරියවැව බස්නැවතුම්පොළ භූමියේ පැවැති මහජන රැලිය අමතමින් පැවැසීය.

ප්‍රදේශවාසීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති මහජන රැලිය සූරියවැව පුරවැසි බලමුළුව මඟින් සංවිධානය කර තිබිණි.

අනුර කුමාර දිසානායක මහතා එහිදී මෙසේද කීය.

එදා මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාලේ සෞඛ්‍ය ඇමැතිවරයාව සිටි මෛත්‍රිපාල සිරසේන මහතාට සිදුකළ කෙනෙහිලිකම් නිසා ඔවුන් අතර විරසකයක් ඇති වුණා. ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිඵල අහන්න මෛත්‍රිපාල සිරිසේන මහතා සිටියේ ‍දොඩම්ගස්ලන්ද පොල් වත්තක හැංගිලා. වැරැදිලාවත් එදා මහින්ද මහත්තය දිනුවා නම් මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉන්න වෙන්නෙ අඩි හතරක් පොළව යට බව ඔහුම කියනවා.