‘අද වනවිට රටේ ගොවියා විනාශයි, එදා අපි වගා කරපු වී ටික මත්තල ගුවන්තොටුපොල තුල ගබඩා කරලා වී ගොවියාට අපහාස කලා, අපේ තාත්තලා වී ඇටයක් අපිට පාගන්න දුන්නේ නැහැ, ඒ තරම් ගෞරවයක් අපි කන බතට තිබුනා, ඒත් මේ ආණ්ඩුව ආපු දවසේ සිට පොහොර රුපියල් 350 ට දීපු යුගය අවසන් කලා, ලෝකයේ ඉන්න එකම කෘෂිකර්ම ඇමති වී වගාව අක්කර ලක්ෂයකින් අඩු කරන්න කිව්ව’ යයි බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දින දෙහිවල ආසනයේ ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බලමණ්ඩල රැස්වීම අමතමින් පැවසීය.
හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය..
අවුරුදු දෙකාහාමාරක් අපේ ප්‍රාදේශිය සභා නගර සභා ටික විසුරුවා ඒවා අකර්මණ්‍ය කලා, ඒ හරහා ජනතාව ගමේ කුණු ටික අදින එක නැවතුනා, ගමේ පාර , ගමේ විදුලි බුබුල දාගන්න ජනතාවට තිබුණ අයිතිය නැති කලා, මේ ගම්සභා ක්‍රමය එදා පණ්ඩුකාභය රජතුමාගේ සමයේ සිට පැවත එන ක්‍රමයක්, ඒ පාලන ක්‍රමය මේ ආණ්ඩුව අඩපණ කලා, ඒ අපේ ප්‍රාදේශිය නායකයින්ගෙන් පලිගන්නයි.
අද රටේ සංවර්ධනය නැවතිලා, ජනතාවට හාල් කිලෝව රුපියල් 120 ට කන්න වෙලා පොල් ගෙඩිය රුපියල් 120 යි මේ සියල්ලම සිදු වුනේ මහින්ද රාජපක්ෂ යුගයේ දුන් රුපියල් 350/= පොහොර මිටිය නවත්තපු නිසයි. අපි හිතුවේ ගොවි රජෙකුගේ පුතෙකු ජනාධිපති වුන නිසා ගොවියාට විශාල සෙතක් වෙයි කියලා, ඒත් අද රටේ සියලුම ගොවීන් අනාථයි.









