FAST NEWS

24×7 Around the Globe

ධීවර යාත්‍රාවක් හා තෙල් නැවක් ගැටී 13 ක් ජීවිතක්ෂයට..

දකුණු කොරියාවේ සියොල් නගරයට බටහිරින් පිහිටි ඉන්චියොන් වරාය නගරයේ වෙරළාසන්න මුහුදු තීරයේදී ඊයේ(03) දින ධීවර යාත්‍රාවක්, තෙල් නැවක් හා ගැටීමෙන්  13දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ මගීන් 20ක් හා කාර්යමණ්ඩලයේ දෙදෙනකු සිටි බවත් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් වෙරළාරක්ෂක නිලධාරීන් පවසයි.

යාත්‍රාවේ කපිතාන්වරයාද අතුරුදන්ව ඇතැයි පැවසේ.

පටු මුහුදු මාර්ගයක් ඔස්සේ ගමන් කළ යාත්‍රා දෙක එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.

මුදවාගැනිමේ යාත්‍රා හයක් සහ ගුවන්යානා හයක් යොදාගෙන මෙහෙයුම් සිදු කරන බවත් බේරාගත් හත්දෙනකු රෝහල් ගත කර ඇති බවත් සදහන් වෙයි.

 

 

C.Rodrigo