ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් තම ට්විටර් ගිණුම ඔස්සේ FBI ආයතනය දැඩි විවේචනයට ලක් කර තිබෙන බව වාර්තා වෙයි.
ඇමරිකාවේ ජාතික ආරක්ෂාව පිළිබද හිටපු උපදේශක මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අත්හැර දමන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් FBI හිටපු ප්‍රධානී ජේම්ස් කෝමින්ගෙන් ඉල්ලීමක් කර ඇති බවට ඇමරිකානු විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ නමුත් ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ඩොනලඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුමේ FBI පිළිබද සටහන් තැබුවේ ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥ ජෝන් ඩවුඩ් බව ඔහු විසින් පිළිගෙන තිබෙන බවත් සදහන්ය.
C.Rodrigo









