FAST NEWS

24×7 Around the Globe

ඇරැඹුන ශ්‍රී පාද වන්දනා සමයට එන අයට පහසුකම් රැසක්..

උඳුවප් පොහෝදා (ඊයේ) උදෑසන 5.40ට යෙදුණු සුබ නැකැතට අනුව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඬුල්ල රජමහ විහාරාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී පාද වන්දනා වාරය ඇරැඹිණි.

ශ්‍රී පාද පද්මය සුවඳ පැනින් දෝවනය කිරීමෙන් අනතුරුව පැල්මඬුල්ල, ගල්පොත්තාවල රජමහ විහාරස්ථානයේ සිට රත්නපුර, පලාබද්දල මාර්ගය ඔස්සේ රත්නපුර, අවිස්සාවේල්ල, හැටන් මාර්ගය ඔස්සේත් ශ්‍රී පාද වන්දනා මළුව දක්වා වැඩම කළ සාධාතුක කරඬුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද මළුවේ තැන්පත් කිරීමෙන් අනතුරුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ විය.

මෙවර ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වෙනුවෙන් පොලිසිය මඟින් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙළක් දියත් කර ඇති අතර වන්දනාකරුවන් වෙනුවෙන් පහසුකම් රැසක්ද රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් සලසා ඇත.