FAST NEWS

24×7 Around the Globe

2018 දී සේවකයකුට ලැබෙන නිවාඩු ගණන මෙන්න..

වසර 2018 දින දර්ශනයට අනුව වැඩ කළයුතු දින ගණන 209ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 57.3% කි.

එම වසරට සෙනසුරාදා දින 52 ක්, ඉරිදා දින 52ක් හා සති මැද වෙනත් නිවාඩු 22ක් ඇතුළත්ව තිබේ.

එම නිවාඩු අතරට රැකියා වරප්‍රසාද නිවාඩු දින 30ක්ද එක් කළ විට සේවකයකුට එම වසරේ ලැබෙන නිවාඩු ගණන 156ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 42.7% ක් වේ.

මේ ගණන රජයේ සේවකයකුට තවත් දින 15කින් වැඩිවේ.