FAST NEWS

24×7 Around the Globe

‘2.0’ චිත්‍රපටයට එමි ජැක්සන් රංගනයෙන්..

දමිළ සිනමාවේ විශිෂ්ට රංගන ශිල්පියෙකු වන රජිනිකාන්ත් රඟන ‘2.0’ චිත්‍රපටයට එමි ජැක්සන් ද රොබෝ කෙනෙකු ලෙස රංගනයෙන් දායක වෙමින් එකතු වී සිටින බව වාර්තා වේ.

2018 වර්ෂයේ දී එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටය රජිනිකාන්ත් සමග ප්‍රධාන චරිතයට ආක්ෂේ කුමාර්ද දායක වෙයි.

විද්‍යා ප්‍රබන්ධ මන:කල්පිත කතාවක් ඇසුරෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් බිලියන 4.5ක විශාල වියදමක් දරනු ලබන බව සදහන්ය.